හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගමන් කළ රට පෙළකට ඊයේ (24) සවස මුන්දලම කනමුල්ල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී ඇති බව මුන්දලම පොලිසිය පවසයි. හිටපු ඇමැතිවරය ඇතුළු පිරිසක්  ඊයේ (24) සවස
මුන්දලම ප්‍රදේශයේ ආධාරකරුවන්  පිරිසක් හමුවීම සඳහා යමින් සිටියදී මුන්දලම කතමුල්ල ප්‍රදේශයේදී පිරිසක් මාර්ගය හරස් කර  වාහනවලට පහර දී ඇති බව කියති. මාර්ගය හරස් කළ පිරිසක් වාහන නවතා ඇති බවත් ඉන් පසුව සැඟවී සිටි පිරිසක්  එකවර කඩා වැදී ලි මුගුරුවලින් පහරදී ඇති බවත් තවත් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කළ බවත් වාහනවල ගමන් ගත් පිරිස් පවසති.

රිෂාඩ් බදියුදීන් මහතා ගමන් ගත් වාහනයට ද ගල් ප්‍රහාර එල්ල වී ඇති නමුත් වාහනයට හා ඔහුට කිසිදු හානියක් සිදුව නැති බවත් කියති. ප්‍රහාරයෙන් වාහන කිහිපයකට හානි සිදු වි ඇති බවට පහර කෑමට ලක් වූ පිරිසට පැවැසූ අතර ඔවුන් කිහිපදෙනකු පුත්තලම මූලික රෝහලටත් පෞද්ගලික රෝහලකටත් ඇතුළත් කර ඇති බව පැවැසේ. නමුත් මුන්දලම පොලිසිය පවසන්නේ එක් වාහනයකට පමණක් හානි සිදු වී ඇති බවත් තුවාලකරුවන් පිළිබඳව කිසිදු තොරතුරක් තම පොලසියට නොලැබුණු බවත්ය.

-හිරාන් ප්‍රියංකර ජයසිංහ-