රෝයල් පාක් චූදිතට ජනපති සමාව ලබාදීමේදි ගාලු පදවි රදගුරුහිමි වන අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ
හිමාපාණන් කළ
ඉල්ලීම්ද සළකා බැලූ බව සඳහන් කරමින් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව එම හිමිපාණෝ සඳහන් කරති.
රෝයල් පාක් චූදිතට ජනපති සමාව ලබා ගැනීම වෙනුවෙන් තමන්වහන්සේ කිසිම ඉල්ලීමක් නොකළ බවද තරුණ රැඳවියන්ට පුනරුත්තාපනය හා නිසි අධ්‍යාපනයක් ලබාදීමට තමන්වහන්සේ මීට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි ලියුමක් ජනපති මාධ්‍ය අංශය විසින් අයුතු සහගත ලෙස උලුප්පා තම වාසියට දක්වා ඇති බව උන්වහන්සේ සඳහන් කරති.