ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (12) සිය ට්විටර් ගිණුම
ඔස්සේ රෝයල්
පාර්ක් ඝාතකයාට මෛත්‍රී ජනපති සමාව දීම හෙළා දකිමින් පණිවිඩයක් නිකුත් කර ඇත. ඉවෝන් නමැති තරුණියගේ පවුලට මෙම තීරණය නිසා අසාධාරණයක් සිදුව ඇති බව එහි දක්වා ඇති අතර ජනපති පදවියේ සමාව දීමේ බලය අයුතු ලෙස භාවිතා කිරීමක් ලෙස එමගින් පැහැදිලි කොට ඇත.