පිටරටවල් කිහිපයකින් මෙරටට මුදල් ගෙන්වීම හා එම මුදල් යොදවා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස, ඉඩම් සස දේපළ මිලදී ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවත්වන
පරික්‍ෂණයකට අදාළව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතාගේ බිරියට සහ පුත්‍රයාට අද (4) හා හෙට (5) ප්‍රකාශ ලබා ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.ඒ අනුව විද්‍යාලංකාර මහතාගේ බිරීඳ වන මේරි බැසිලිකා මහත්මිය අද
පෙරවරු 10ට මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති අතර ඔවුන්ගේ පුතා වන අපේක්ෂක ජයම්පති විද්‍යාලංකාර මහතා හෙට (5) පෙරරුවේ කැඳවා ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මීට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබා ගැනීමට ඔවුන් දෙදෙනා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණ ද ඔවුන් නොපැමිණි බවත් ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිය පොත්පත්වල ද සටහන් යොදා ඇති බවද එම උසස් පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය. මෙම විමර්ශන 2015.7.29 වැනි දින ආරම්භ කළ බවත් මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට 2015.8.28 දින 2 වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ බවත් පොලිස් ආරංචිමාර්ග කියයි. එම පරීක්ෂණ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාක් 2017 ඔක්තෝබර් මස 21 දින අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.