රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේ නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා වරදකරු බවට තීරණය
කරමින් ඔහුට මරණීය දඬුවම නියම කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.

විත්තිකරු වරදකරු බවට තීරණය කරමින් මහාධිකරණ විනිසුරුවරයා ලබාදුන් නියෝගය ඉවත දමා ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇත.

ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා විසින් ඉදිරිපත් කොට ඇති මෙම අභියාචනයේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කොට ඇත.

ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් මත නීතීඥ නාමල් කරුණාරත්න මහතා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරු වරදකරු බවට තීරණය කරමින් මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ නියෝගය දෝෂ සහිත බව පෙත්සමේ සඳහන් කොට ඇත.

ඒ අනුව විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කොට විත්තිකරු නිදහස් කරන්නැයි පෙත්සමේ සඳහන් කොට ඇත.