7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම සවස 5 ට අවසන් විය.
අද පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 5 දක්වා පැවැත්විය.

මෙවර

ජනාධිපතිවරණයේදී , ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ය.

මැතිවරණ කොමිසන් සභාව දන්වා සිටියේ තැපැල් ඡන්ද ගනනය සවස 5.15 සිට ඇරඹෙන බවයි.
ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි බවට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.