පසුගිය දින දෙක තුළ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ මඟ පෙන්වීම යටතේ
පොලිස් මාධ්‍ය ඒකකයේ නිවේදන ඇණ හිට තිබූ අතර දැන් වාර්තා වන්නේ
පොලිස් මාධ්‍ය ඒකකය විසුරුවා හැරීමට ආරක්ෂක අමාත්‍යංශය
තීරණය කර තිබෙන බවකි.
ආරක්ෂක අංශ සහ පොලීසිය විසින් තොරතුරු මාධ්‍ය වෙත මුදා හැරීමේ නව විධිවිධානයක් ලබන සතියේ සිට හඳුන්වා දීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී පොලීසිය සමඟ සන්නද්ධ හමුදා එක්ව පුවත්පත් නිවේදන නිකුත් කිරීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සිදුකරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 පැය 24 පුරාම ජාතික සිදුවීම් හෝ ප්‍රධාන සිදුවීම් පිළිබඳ නිවේදන නිකුත් කරන බවත් වෙනම මාධ්‍ය හමු පැවැත්වෙන බවත් දන්වා තිබේ.