ඉන්දීය එම් ඩී එම් කේ පක්ෂයේ නායක වයිකෝ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය සංචාරයට විරෝධය පෑම හේතුවෙන්.

වයිකෝ සහ ඔහුගේ
පක්ෂයේ හිතවාදීන් ජනාධිපතිතුමාගේ සංචාරයට විරෝධය පාමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන්කරන්නේ. දිල්ලි පොලිසිය විසින් වයිකෝ සහ ඔහුගේ සහයකයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙමළ ජනතාවගේ සුබසාධනය ඉටු නොකරන බවට චෝදනා කරමින් වයිකෝ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධාන කර තිබුණා. ජනාධිපතිතුමා ලබන 30 වනදා තෙක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි.