පසුගිය දිනවල මාධ්‍ය තුළ අනාවැකි පළවූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යංහයේ ලේකම් ධූරය හිමිවන්නට යන බවයි.
නමුත් අද (27) සවස ජනපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යංශ ලේක්ම්වරුන් 20ක් පත් කළ අතර එම පත් කළ අය අතර

පී.එස්.එම්. චාල්ස් මහත්මිය  සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා නව ලේකම්වරිය ලෙස පත් කර ඇත.
අනාවැකි පළවූ අයුරින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට ලැබී නැත. ඔහුට  සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධූරය ලබාදෙන්නට යාම පිළිබද විවිධ විවේචනයන්ද පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ පළවිය.

මින් ඉහත රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර කීර්ති නාමයක් දිනූ පී.එස්.එම්.චාල්ස් මහත්මිය    බලපෑමක් නිසා මීට මාස කිහිපයකට පෙර එම තනතුරෙන් ටික කලෙකට ඉවත් කෙරුණු  අතර රේගු වෘත්තීය ක්‍රියාමාර්ග වලින් පසු ඇයව යළි සේවයේ පිහිටුවාලීමට එවක ඇමතිවරයාට සිදුවිය. එනිසා මාධ්‍ය අවධානයද යොමුවූ තැනැත්තියකි.