අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ පිහිටි නුගේගොඩ ගුවන්පාලම
තාවකාලිකව වසා දමා ඇත.
ඒ මතින් දෙපසටම රථ වාහන ධාවනයද තාවකාලිකව නවතා දමා ඇත.
කෙසේ වෙතත් ගුවන් පාලම දෙපස මාර්ග විවෘතය.
විකල්ප මාර්ග භාවිතා කරන්නට රියදුරන්ට දැනුම් දීමක් කරන පොලිසිය සති අන්තයේදී අලුත් වැඩියා කටයුත්ත නිම කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දී ඇත.