නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අයත් රුපියල් 2,23,916 ක මුදලක් අස්ථානගතවීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ සිද්ධිය හෙළිවීමෙන් පසුව එම අධිකරණයේ නඩු බඩු කාමරයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයකු සේයට පැමිණ නැතැයි පොලිසිය පවසයි.

ඉකුත් සැප්තැම්බර් මස 04 වැනිදා දඩ හා ඇප මුදල් වශයෙන් අධිකරණයට ලැබුණු මුදල් අධිකරණයේ මුදල් භාර නිලධාරි විසින් එදිනම

සවස අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට බාරදී තිබූ බව මූලික විමර්ශනවලදී හෙළිවි යැයි පොලිසිය කියයි.

ඔක්තෝබර් මස 06 වැනිදා නුගේගොඩ අධිකරණයේ ගිණුම් අංශයට බැකුවෙන් ලැබුණු සැප්තැම්බර් මාසික වාර්තාවේ එම මුදල සටහන්වී නොතිබීම පිළිබඳව රෙජිස්ට්‍රාර්වරියගේ අවධානය යොමු කිරීමේ දී මෙසේ මුදල් අස්ථානගතවී ඇති බව හෙළිවී ඇත.

මේ පිළිබඳ රෙජිස්ට්‍රාර්වරිය කාර්යාල කාර්ය සහායකූගෙන් විමසුවිට ඔහුට බාරදුන් සියලුම මුදල් නිසි අයුරින් තැත්පත් කළ බව ඔහු පවසා ඇතැයි පොලිසිය කීය.

කෙසේවෙතත් බැංකු වාර්තා පරික්ෂා කිරීමේදී කාර්යාල කාර්ය සහායකවරයා සැප්තැම්බර් මස 5 වැනිදා බැංකුවේ තැත්පත්කර ඇත්තේ රෙජිස්ට්‍රාර්වරිය සැප්තැම්බර් මස 3 වැනිදා ඔහුට ලබාදුන් මුදල් බව අනාවරණය වී යැයි පොලිසිය සදහන් කරයි.

මේ පිළිබඳව පරික්ෂණ පවත්වන පොලිසිය කීප දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන සීසීටීවී දර්ශන ද පරික්ෂාකර බලා ඇති අතර බැංකු වාර්තතා ද ලබාගෙන ඇත.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ