එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ” නිපන්දු නිරීක්ෂණය සඳහා අතිරේක රූපවාහිනී විනිසුරුවරයෙකු (T.V. Umpire) යෙදවීමට එහි පාලනාධිකාරියේ අවධානය යොමු වී ඇත. තරගාවලියේදී විනිසුරුවන්ගෙන් සිදුවන වැරදීම් අවම කිරීම සඳහා

මෙම පියවර ගෙන ඇත.
එහි නව පාලනාධිකාර්ය පෙරේදා (05දා) මුම්බායිහිදී රැස්වූ අවස්ථාවේදී මෙම පියවර ගෙන ඇත.  පසුගිය අයි.පී.එල්, තරගාවලි හිදී නිපන්දු ලෙසින් විඩියෝ පුනරූපණ මගින් පැහැදිලි වූ අවස්ථා කිහිපයක්ම පිටියේ විනිසුරුවන් විසින් ලබා නොදීම මෙම ගැටලුවට මූලික හේතුවක් වෙිය, ම‍ෙම (2013) විළිපැවති තරගාවලියේදීද මෙවැනි අවස්ථා කිහිපයක් වාර්තා වූ අතර, එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි හා චෙස්නායි සුපර් ක්‍රීම්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි විනිසුරුවන් සමගින් මත ගැටුම්ද ඇති කර ගත්හ.
කෙසේ නමුත් විනිසුරුවන්ට නිපන්දු තීරණය කිරීමේදී සිදුවන වැරදි අවම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට්. කවුන්සිලයද (අයි.සී.සී.)
පසුගිය කාලයේදී ක්‍රියාමාර්ග ගත්හ. යම් ක්‍රීඩකයෙකුගේ නිපන්දුවක් සලකුණු කිරීම විනිසුරුවරයකුට මගහැරුණහොත්, තෙවැනි විනිසුරුට එම වරද නිවැරදි කිරීමේ අවස්ථාව ලබා දීම එහි එක් පියවරකි. ගිය අත්හදා බැලීමක් ලෙස පළමුව ඉදිරි මාස 06ක කාලයක තරගාවලි සඳහා යොදා ගැනීමට නියමිතය.