කොළඹ, විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට ධර්මපාල මාවතේ නිවසක උඩුමහලේ ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ රාත්‍රී සොයා ගෙන තිබේ.
 119 පොලිස් දුරකථන
හදිසි අංකයට ලද තොරතුරක් මත කොම්පඤ්ඤවීදිය පොලීසියට ලැබුණ තොරතුරක් මත ඊයේ රාත්‍රීයේ අදාළ නිවස පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුර සොයා ගෙන ඇත.
අංක 177 , ධර්මපාල මාවත , කොළඹ 2 ලිපිනයේ පිහිටි නිවසක් තුළ ඊයේ (5) රාත්‍රි 9.15ත් රාත්‍රි 9.40 ත් අතර කාලයේදි නිවස පරීක්ෂා කර තිබූ අතර පිහියෙන් ඇන  ඝාතනය කර ඇති බවත් හදුනාගෙන ඇත.
ඝාතනයට ලක් ව ඇත්තේ, හෝමගම අතුරුගිරිය පාර දෙවන පටුමග ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු බව හදුනාගෙන තිබේ.ගලබඩආරච්චිගේ මනෝජ් සුදර්ශන පෙරේරා යන්න මියගිය අයගේ නමයි.
ඝාතනය සිදු කළ සැකකරු ගැන පොලිසියට හෝඩුවාවන් ලැබී ඇති අතර ඔහු දැන් අතුරුදන්ව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පොලිසිය දන්වා තිබේ.