https://www.gossiplankanews.com/2019/11/maithripala-wax-museum-polonnaruwa.html
ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රූප ඉටියෙන් අඹන ලද මැඩම් තුසාඩ් කෞතුකාගාර සංකල්පයට අනුව යමින් පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපිත කරන ලද
ඉටි රූ කෞතුකාගාරය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ විවෘත කෙරිණි.
එහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ඉටිරුවක්ද අඹා තිබීම විශේෂිතය.
නිදහස ලැබීමෙන් පසු මෙරට පහළ වූ රාජ්‍ය නායකයන්ගේ රුව එහි නිර්මාණය කර තිබේ.
සිරිසේන ජනපතිවරයා වෙත සිය ධූර කාලය තුළ විදේශ රාජ්‍ය නායකයන්ගෙන් ලද ත්‍යාග සහ සිහිවටන ද එහිදී මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කර තිබේ.
තාක්ෂණික කෞතුකාගාරය පිහිටි ඉඩමේ ඔප්පුව කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදීමේ ලිපි ලේඛන ද මෙහිදී ජනාධිපතිතුමා අතින් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත පිරි නැමිණි.