නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂිත සජිත්  ප්‍රේමදාස මහතා ඊයේ (12) සවස
පොලොන්නරුවේ
පැවති ප්‍රචාරක රැළියකට සහභාගීවීම සඳහා පැමිණි හෙළිකොප්ටරය නව නගරය, හතරේ ඇළ, රජරට නවෝදය ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීමට යාමේදී ක්‍රීඩාංගණය අසල පිහිටි නිවෙසක පැළ තවානකට යොදා තිබූ තහඩු ආවරණ කිහිපයක් සුළගට ගසාගෙන ගොස් සිදුවූ අනතුරක් හේතුවෙන් ඒ අසල සිටි කාන්තාවක තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

ඒ සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පොලොන්නරුව, හතරේ ඇළ පදිංචි 34 හැවිරිදි දෙදරු මවකි. පොලොන්නරුව මහ රෝහල් අංක 03 වාට්ටුවේ ප්‍රතිකාර ලබන  ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍යවරු පැවසූහ.පොලොන්නරුව පොලිසිය මේ පිළිබදව පරික්ෂණ පවත්වයි.