https://www.gossiplankanews.com/2019/11/maithripala-back-to-minister-post.html
මා දේශපාලනයෙන් ඉවත් නොවන බවත් දිගටම රට වෙනුවෙන් සේවය කරන්නට ආසාවෙන් පසුවන බවත් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව අලුත්ම දේශපාලන ආරංචි හෙළි කර තිබේ.
ඊයේ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති ලේකම් කාර්යාලයේ වැඩ භාරගත් අවස්ථාවේ ඔහුව පිළිගැනීමට පවා වාහනය අසළට ගොස්
පාර දෙස බලා සිටි හිටපු ජනපති මෛත්‍රී අනතුරුව වැඩ භාරගන්නා අවස්ථාවටද එක්වූ අතර අනතුරුව දිගු මේසයේ ප්‍රධාන පුටුව දරමින් ගෝඨාභය ජනපතිවරයා තම ගෝලබාලයින් සමග පැවැත්වූ සාකච්ඡාවේදී එම ගෝලබාලයින් අතර මෛත්‍රී හිටපු ජනපතිවරයාද වාඩිවී සිටියේය.

මෛත්‍රිපාල හිටපු ජනපතිවරයාට පරිසර ඇමති ධූරය

හෝ මහවැලි ඇමති ධූරය දරමින් රටට සේවය කරන්නට අවශ්‍ය බව දන්වා ඇති බව මීට කලකට පෙර අප හෙළි කර තිබුණි.
ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයකින් තොරව ඇමති ධූරයක් ලබාගන්නට අපහසු නිසා එම අවස්ථාව ලබාදීම සඳහා එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඉල්ලා අස් වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.

ඉදිරියේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති අතර භාරකාර රජයේ ඇමතිවරයෙකු ලෙස අනතුරුව පත් කෙරෙනු ඇත.

හිටපු ජනාධිපතිවරුන් නැවත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බවට පත්වීමේ සම්ප්‍රදාය ඇරඹූවේ මහින්ද රාජපක්ෂ වන අතර ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියොජනය කරන මන්ත්‍රීවරයා ලෙසද පසුව විපක්ෂ නායක වරයා ලෙසද පසුගිය කාලයේ සිට කටයුතු කරමින් සිටී.

ශ්‍රීලනිපය හා පොහොට්ටු සන්ධානගතවීමට විශාල අදිමදිකමක් පෙන්වා නිර්පාක්ෂික බව දන්වා සිටි නමුත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුදිනම මෛත්‍රීපාල හිටපු ජනපතිවරයා ශ්‍රිලනිප නායකත්වය යළි ලබාගත්තේය. ඔහු ඉදිරියේදී පොහොට්ටුව යටතේ ඇති උප පක්ෂ වලින් එකක් ලෙස ශ්‍රීලනිපයට නායකත්වය දෙනු ඇත. මෛත්‍රිපාල හිටපු ජනපතිවරයා ඉදිරියේදී ඇමති ධූරයක් දරන්නේ නම් ජනපති විශ්‍රාම වැටුප හා ඇමති වැටුප ලෙස වැටුප් දෙකක් හා නිල නිවාස දෙකක්  ලබන වාසනාවන්ත පුද්ගලයෙකු බවටද පත්වනු ඇත.