https://www.gossiplankanews.com/2019/11/kiribathgoda-gotabaya-gananada.html
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ධර්ම කථික හිමි නමක් වන හා ශ්‍රද්ධා බෞද්ධ නාලිකාව හිමි කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් පසුගිය කාලය පුරාවට දේශපාලකයින් මග හැරිය බව ප්‍රකටය.
පන්සලේ උත්සවයක් තිබුණත් දේශපාලකයින්ගෙන් තොරව පවත්වන්නට මෙන්ම දේශපාලකයෙකු පැමිණියේ නම් එම අවස්ථාව මගහැර වෙනතක වැඩම කරන්නට
උන් වහන්සේ පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් මෙම ප්‍රතිපත්තිය වෙනස්ව ඇති සෙයක් ඊයේ වාර්තා විය.
එහිමියන්ගේ ග්‍රන්ථයක් දොරට වැඩීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයට ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැමිණ තිබුණි. එහිදී උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කර තිබුණි.


'මේක සිංහල බෞද්ධ රටක් වුණොත් විතරයි සෑම ජන කොටසකටම සමගියෙන් ඉන්න පුළුවන්. අද අපේ සමහර පාලකයෝ ඉතිහාසය දන්නේ නැහැ. ඒ නිසා විජාතික බලවේගවලට නතුවීමක් තිබෙනවා. එඩිතර සෘජු ගති ඇති කෙනෙක් වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරවන්න ඕනෑ.
එහෙම නොවුණොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. මා මේ මහාවංශය ග‍්‍රන්ථය එතුමාට පිළිගන්වන්නෙත් ඒකයි.'

මහමෙව්නා අසපුවේ නිර්මාතෘ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමිපාණෝ මහාවංශය සරල බසින් දැක්වෙන සේ රචිත මහාවංශ ග‍්‍රන්ථ පෙළේ අවසන් වෙළුම ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පිළිගන්වමින් එම අනුශාසනාව කළහ.

මෙම අවස්ථාවට දිවයිනේ නන් දෙසින් භික්‍ෂුන් වහන්සේලා වැඩම කොට සිටි අතර කල්‍යාණි වංශික මහා නිකායේ මහානායක දොඩම්පහල චන්ද්‍රසිරි හිමිපාණන්ගේ මූලිකත්වයෙන් උත්සවය පැවැත්විණි.