ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් (පරිපාලන) ධූරයට විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙල පත්කර තිබෙනවා.


පෞද්ගලික ආරක්ෂක සේවා ආයතන රැසක අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ඔහු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

1971 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදා සේවයට බැඳුනු විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙල, වසර 33 කට අධික කාලයක් යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියැලුණ අයෙකි.

ඔහු වසර 04 ක කාලයක් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කළා.

විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙල 2007 වසරේ සිට 2015 වසර දක්වා වසර 08 ක කාලයක් සීමාසහිත රක්නා ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.