අරලගංවිල, මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට ඊයේ (23දා) උදැසන යතුරුපැදියක් වැටී සිදු වූ අනතුරකින් පසු
යතුරුපැදියේ ගමන් කළ දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් අනෙකා අතුරුදන්ව ඇත.
 එක් අයෙකුගේ මළසිරුරක් 
ඊයේ දහවල් 11 ට පමණ අරලගංවිල මැදගම ප්‍රදේශයේදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ බෝගස්වැව අංක 222 ලිපිනයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන චමින්ද කුමාර රත්නායක යන අය බව අරලගංවිල පොලිසිය කියයි
මෙම අනතුරෙන් අතුරුදහන්ව ඇත්තේ අංක 02 බමුණාකොටුව ලිපිනයේ පදිංචි ජී. විමලසිරි  නැමැති 60 හැවිරිදි තිදරු පියකු බව පොලීසිය සඳහන් කරයි.