නාවික හමුදා නිලධාරීන්ට ලද තොරතුරක් මත නාවික හමුදා නිලධාරීන් හා හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ප්‍රංශය බලා යාමට තැත්කල පුද්ගලින් 06
දෙනෙකු ඔවුන් පැමිණි කැබ්
රථයක් සමග හලාවත වැල්ල මෝය කට අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරුවන් ප්‍රංශයට රැගෙන යාමට සූදානම් කර තිබූ ඩිංගි බෝට්ටු 02ක් හා ටෝලර් යාත්‍රාවක් පොලිස් නිලධාරීන් දැක පැනගොස් ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 ත් 32 අතර වයස් වල පසුවන බත්තුළුඔය, උඩප්පුව, ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. 

සැකකරුවන් 2019.11.06 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.