https://www.gossiplankanews.com/2019/11/hiru-police-complain.html#more
මේ දිනවල ජනපති මැතිවරණ පුවත් පක්ෂග්‍රාහී වාර්තාකරනයේ යෙදෙන බවට ඇතැමුන්ගේ චෝදනාවට ලක්වූ හිරු මාධ්‍ය ජාලයට එරෙහිව රට පුරා 'කුඩු එපා හිරු එපා බොරු එපා' යනුවෙන් එම ලෝගෝවද සහිතව පෝස්ටර ප්‍රචාරය වීමෙන් පසු හිරු මාධ්‍ය ජාලයේ ප්‍රධානීන් දෙදෙනෙකු
ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් යොමු කරන ලදි.
මේ සදහා හිරු ප්‍රධාන විධායක නිලධාරී වින්සන්ට් සිල්වා හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි එක්විය.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා හා ප්‍රධාන විධායක වින්සන්ට් සිල්වා දෙදෙනාම දැනට මරණීය දණ්ඩනය නියමවී ජීවිතාන්තය දක්වා

සිරගතව සිටින දුමින්ද සිල්වාගේ සොයුරන් වන අතර මංගල සමරවීර හා තලතා අතුකෝරාල ඇමතිවරුන් පසුගිය සතියේ චෝදනා කර තිබුනේ දුමින්ද සිල්වාට අනාගතයේ ජීවිත සමාව ලබාගැනීමේ අරමුණින් ගෝඨාභය රජයක් පිහටුවීමේ උවමනාවෙන් මෙම මාධ්‍ය ජාලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවය.

තෝරාගත් සිංහල මාධ්‍ය රූපවාහිනී නාලිකා කිහිපයක් මගින් 2019 ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා වෙන් කර තිබූ පුවත් ආවරණයන් ගුවන් කාලයට අනුව කළ සැසඳීමක් එතික්ස් අයි සංගණනය මගින්ද පෙන්වා දුන්නේ හිරු හා දෙරණ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සාපේක්ෂව අසාධාරණ  ඉඩක් සිය ප්‍රවෘත්ති ප්‍රකාශ වලදී ලබාදෙන බවයි.

එසේම ප්‍රතිවාදි අපේක්ෂකයින් සිනහවට ලක්කරන කොටස් පමණක් උපුටා පළකිරීමත් කරුණු විකෘති කිරීමත් හිරු සිදු කර ඇති බවට චෝදනා එල්ල විය.
මංගල සමරවීර අමාත්‍යාවරයා මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් මැතිවරණ කොමිසමටද දන්වා ඇති අතර ඔහු දන්වා තිබුනේ පසුගියදා ෆවුසි ඇමතිවරයා කළ ප්‍රකාශයක් 'ඝෝඨාභය ඝාතනය කළ යුතුයි '
යනුවෙන් බරපතල ලෙස විකෘති කර ඇති බවයි. ඒ සම්බන්ධ පොලිස් පරීක්ෂණයක්ද දැනට ක්‍රියාත්මකවේ.

මේ කියන චෝදනා සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලය පවසන්නේ තමන් එසේ පක්ෂග්‍රාහී නැති බවත් තමන්ගේ මාධ්‍ය නිදහස නැති කිරීමට රජයට සම්බන්ධ ඇමතිවරු හා පෝස්ටර් අලවන සංවිධාන කටයුතු කර ඇති බවයි. 'හිරු මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන අරඹයි' යනුවෙන් කළු පැහති පසුබිමේ මිට මෙළවූ අතකින් සංකේතයක් සකසා හිරු මාධ්‍ය ජාලයට අයත් ඇතැම් සේවකයින්ද සිය ෆේස් බුක් ගිණුම් ප්‍රොෆයිල් පින්තූර මේ වනවිට වෙනස් කරගෙන ඇත.