'හිරු" රූපවාහිනී නාළිකාවේ. වැඩසටහන් වර්තනය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වනපාරය තීරණය කළ බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ (06දා) පැවසිය. මෙම රූපවාහිනී ආයතනයට මුදල් ගෙවා ලබාදෙන දැන්වීම් නතර කළ බවද
මන්ත්‍රීවරයා සඳහන් කළේය. කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටීනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.වීම්. මරික්කාර් මහතා,
"රූපවාහිනී ආයතන අපේක්‍ෂකයන්ට ලබාදෙන ගුවන් කාලය සහ පුවත්පත් ලබාදෙන ඉඩ ගැන අප සතුව වාර්තා තිබෙනවා. ඇතැම් පුවත්පත් එක් අපේක්ෂකයෙකුට වාසි වන අයුරින් පුවත් පළ කරමින් තවත් අපේක්‍ෂකයෙකුට අපහාස වන අයුරින් වාර්තා පළ කරනවා. මේ නිසා
සජිත් ප්‍රේදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ අපි යම් යම් තීරණවලට දැන් එළඹිලා තිබෙනවා.

ඕනෑම මාධ්‍ය ආයතනයකට, ඕනෑම මාධ්‍යවේදියෙකුට මතයක් තිබෙන්න පුළුවන්. මාධ්‍ය ආයතනයකට කියන්න පුළුවන් අපි මෙන්න මේ අපේක්‍ෂකයාට එකඟයි ඒ නිසා ඔහුට උදවු කරනවා කියලා.

ඒ අපේක්‍ෂයාට උදවු කරන ගමන් අනෙක් අපේක්ෂකයන් පහළට දාලා, අනෙක් අපේක්‍ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට හානි කරන අයුන් ප්‍රවෘත්ති විකෘති කරලා විකාශනය කිරීම් මාධ්‍ය අවභාවිත කිරීමක්.

මමත් මාධ්‍යවේදියෙක් වශයෙන් අවුරුදු ගණනාවක් වැඩ කළා. ආයතනයක ප්‍රධානියෙක් ලෙස කටයුතු කළ නිසා මම දන්නවා  ඒක කරන ආකාරය. මාධ්‍යයට නිදහස ලබාදුන්නාම ඒ අයට වගකීමක් තිබෙනවා ඒ නිදහස යුක්තිසහගත විදියට සහ ප්‍රේකෂකයාගේ මනසට, ඔවුන්ගේ නිදහසට බාධා නොවන ආකාරයට, බලපෑම් එල්ල නොකරන ආකාරයට වැඩ කරන්න. හිරු නාළිකාව මැතිවරණ අවභාවිතාවේ යෙදී සිටින නිසා සජිත්
ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අපි ඒ නාළිකාවේ වැඩසටහන් වර්තනය කරන්න තීරණය කර තිබෙනවා. ඒ නාළිකාව තුළ මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරණය කිරීම අපි නතර කර තිබෙනවා.
අපට අනාගතයේදී ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මාධ්‍ය නිදහස තවදුරටත් තහවුරු කරන ගමන් මෙවැනි නාලිකා තරංග අවභාවිත කිරීම සමිබන්ධව. නීතිමය ජියවර ගැනීමට සිදුවෙනවා” යනුවෙන් පවසා සිටියේය.
මේ අතර, ජනාධිපතිවරණ සමයේ හිරු මාධ්‍ය ජාලය එක් අපේක්‍ෂකයෙකුට වාසි සැලසෙන ආකාරයෙන් පක්‍ෂපාතීව කටයුතු කරන්නේ යැයි සඳහන් කරමින් ජනාධිපති
වෙත ලිපියක් යොමු කිරීමට එක්සත් ජාතික පකෂය කටයුතු කර තිබේ. එහි මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය යවා තිබේ.
අමිත් මධුරංග