රාජ්‍ය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා දැනුම්දී තිබෙනවා.

ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ගැසට් පත‍්‍රයක් මගින් එම දැනුම්දීම සිදුකිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. රාජ්‍ය ව්‍යවසායන්, රජයට අයත් සමාගම් සහ ව්‍යවස්ථාපිත නියෝජිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඊට ඇතුලත්.

අදාළ තනතුරු සඳහා නැවත සුදුසු පුද්ගලයන් පත්කරන තුරු එම ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද චක‍්‍රලේඛයක් මගින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.