මහමැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

රාජගිරිය ප්‍රදේශයේ
අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුර අදහස් දක්වමින් ඥානසාර හිමියන් සඳහන් කළේ තම සංවිධානයේ බලාපොරොත්තු ඉෂ්ඨ වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිපල සමග සුළු ජාතික ඡන්ද නොමැතිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවට වූ මතය මිත්‍යාවක් වූ බවයි උන්වහන්සේ සඳහන් කළේ.

එමෙන්ම වත්මන් නායකත්වයත්, මහ මැතිවරණයෙන් පසු පත්වන ඇමති මණ්ඩලයත් සමග රටෙහි ස්ථාවරත්වය ගොඩනැගිය හැකි බැවින් තම සංවිධානය විසුරුවා හරින බවයි ඥානසාර හිමියන් කියා සිටියේ.