දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු විසින් මෙරට දී චීන ජාතික කාන්තාවක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.  මේ වසරේ මැයි මස 30 වැනිදා
පිළිබද ගාල්ල පොලීසියට පැමිණිලි කර තිබුණද ඒ පිළිබඳ මෙතෙක් විමර්ශනයක්  කර නැතැයි, එම කාන්තාව චීනයේ සිට සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරයක් දියත් කර ඇත.  මේ පිළිබඳ අවධානය යොමු කළ පොලිස් මූලස්ථානය සිද්ධිය සමිබන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පතිවරයාගෙන් වාර්තාවක්ද කැඳවීමට නියමිතය.මේ පිළිබඳ අද” පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු
සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳ සොයා බැලීමේදී පැමිණිල්ලට අදාළව උපදෙස් ලබාගැනීමට නීතිපති
දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවයි. මීට අමතරව නඩු භාණ්ඩ රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අද (01දා) දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාග‍ෙන් වාර්තාවක් කැඳවන බවත් හෙතෙම පවසා සිටියේය.