හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹීම අද (1) උදෑසන කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ
දී අද පෙරවරුවේ සිදු කෙරිණි.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයන් සහභාගි වීය.
වික්‍රමබාහු කරුණාරත්න අර්ජුන රණතුංගද එක්විය.

ඉදිරියේදී සැබෑ ශ්‍රිලනිප ඡන්ද සජිත් වෙනුවෙන් පළකරන ලෙස චන්ද්‍රිකා මහත්මිය මෙහිදී ඉල්ලා සිටියාය.