30දා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා,

"ඉතාමත් සැලසුම්කහගතව මීළඟ දින කිහිපය තුළ දැවැන්ත ලෙස මඩ ප්‍රචාරක කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. කාවින්ද ජයවර්ධන සහ ජෝන් අමරතුංග මහතාගේ ලේකම්වරයකුත් මඩ පොස්ටර් ගෙනවිත්
තිබෙනවා. වොක්ෂෝල් ස්ට්‍රිට් එකට. මීළඟ දිනවල සහරාන්ලා සමග ගත් ඡායාරූප බව පවසමින් විවිධ මඩ ගසන්නට බලාපොරොත්තු වෙනවා. ඔවුන් මේ වනවිට 31%ක ඡන්ද ප්‍රතිශතයක ඉන්න නිසයි මෙි දේවල් කරන්නේ. මේ සේබන්ධයෙන් පොලීසිය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වහාම කටයුතු කළ යුතුයි. ජාතික ආර්ථික කවුන්සිලය විසින් මිලෙනියම් වැලේන්ජ් කියන මුදල සම්බන්ධයෙන් තිබෙන කොන්දේසි පිළිබඳ සාකච්ජා කරනවා. ඔවුන් ජාතික ආර්ථික කවුන්සිලය අත් හිටෙව්වා. මේ ආණ්ඩුව ජාත්‍යන්තරයට කියන්නේ අපි පඹයන් හැටියට කියන්න ඕන දේකට සහාය දෙන්නම්,
ඒ නිසා අපට ආධාර කරන්න කියලයි.

එදා විරුද්ධව යෝජනා ගෙනල්ලා අද රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළනවා. මේ අත්සන් කරන ගිවිසුම් ගැන අපි අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරන්න කටයුතු කරනවා. මේ වනවිට දැවැන්ත වැඩපිළිවෙළක් ගෙන යනවා. මඩ පොස්ටර් ගහන්න හදනවා. ඒ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාස්කු ඉරිදා වැඩපිළිවෙළට සම්බන්ධයි කියලා  තමයි මේ මඩ ව්‍යාපාරය ගෙනියන්න හදන්නේ. මේවා දේශපාලන පළිගැනීමක් ඉෂ්ට කරගැනීමක්. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දුව කැලිෆෝනියාවල දාපු නඩුව සම්බන්ධයෙන් සිදු කළ විග්‍රහය අපි දුටුවා. දේශපාලන භූමියේ එ.ජා.ප.යට ගෝඨාභය  රාජපක්‍ෂ මහතාට අභියෝග කළ නොහැකි නිසා දැන්  මඩ ව්‍යාපාරයක් දියත් කරනවා. නොවැම්බර් 16 වැනිදා වනතුරු ඔවුන් මේ මඩ ව්‍යාපාරය ගෙනියනවා” යනුවෙන්ද ප්‍රකාශ කර සිටියේය.

-නිදර්ශි වික්‍රමසිංහ-