ගිණිඅවියක් රැගත් පුද්ගලයෙකු පෑලියගොඩට එමින් සිටින බවට කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත පෑලියගොඩ නවලෝක වටරවුම අසල බස් රථයකින් බැස එමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කල පොලීසිය බ්‍රසීලයේ නිෂ්පාදිත රිවෝල්වරයක් සහ එයට යොදා ගණු ලබන පතරොම්
05ක් සමග එම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.

පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ සැකකරු සිද්ධිය හෙලිකර ඇත.කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන සැකකරු ඉතාලියේ සේවය කරන ඉතාලි වීසා සහිත 35 හැවිරිදි විවාහක තිදරු පියෙකි.
2014 වසරේදී ඉතාලියේදී ඔහුට සහන් නැමති අයෙකු මුණගැසුණු බවත් ඔහු අවශ්‍ය නම් රිවෝල්වරයක් මිලදී ගත හැකියැයි තමාට පැවසූ අතර නිවාඩුවක් සදහා ලංකාවට පැමිණි අවස්ථාවක කුරුණෑගල පුද්ගලයෙකුගෙන් මීට වසර හතරකට පෙර රුපියල් 75,000 කට තමා මෙම රිවෝල්වරය මිළදී ගත් බවත් ඔහු පවසා ඇත.
ඔහු සතුව මෙම රිවෝල්වරය තිබෙන බව ඔහුගේ පවුලේ  ඥාතීන් දැන සිටි බවත් සැකකරු පොලීසියට පවසා ඇත.
30 වනදා රාත්‍රී සැකකරුගේ මාමා කෙනෙකු හීනටියන ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමේ
ස්ථානයකට ගොස් මත්පැන් පානය කරමින්  සිටින අතරතුර ඇතිවූ අරගලයකදී ඔහුට  එම ස්ථානයේදී කිසියම්
පිරිසක් විසින් පහරදී ඇති අතර සැකකරු ලග රිවෝල්වරය ඇති බව දැන සිටි මාමා නිවසට පැමිණ තමාට
පිරිසක් පහරදුන් බවත් ඔවුන් ලගට නැවත යාමට රිවෝල්වරය දෙන ලෙසත් ඔහුගෙන්  ඉල්ලා ඇත.

රිවෝල්වරය ඔහුට නොදුන් සැකකරු හොදයි මම එන්නම් එතෙන්ට යැයි පවසා රිවෝල්වරය ද රැගෙන අරගලය සිදුවූ ස්ථානයට ගොස් ඇත. එහිදී එම පිරිස ඔහුටද පහරදීමට පටන් ගත් බැවින් රිවෝල්වරය ගෙන අහසට වෙඩි තබා තමා එතනින් ඉවත්වී ත්‍රීරෝද  රථයකින් ජා ඇලට පැමිණ පසුව බස්‍ රථයකට නැග ආපසු
පැමිණෙමින් සිටියේ පෑලියගොඩ හිතවතෙකුගේ නිවසට යාමට යැයිද පොලිස් අත් අඩංගුවට පත් උණේ එන අතර මගදී යැයිද ඔහු පොලීසියට පවසා ඇත.