ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සියලූ ජනතාව වෙත නිවේදනයක් යොමු කර ඇත.

එහි මෙසේ දැක්වේ.

අපි බලාපොරොත්තු වු පරිදි පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවා. ඒ ලැබු ජයග‍්‍රහණයේ සතුට සාමයෙන් සමගියෙන් භුක්තිවිදින ලෙස ‍ඉල්ලා සිටිනවා.
විවිධාකාරයෙන් බාධා අපහාස උපහාස විදදරාගෙන ජනතාව රටේ යහපත උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණා, ඒ සදහා කැපවු සියලූ දෙනාට හෘදයාංගම ස්තූතිය පල කරනවා.
ඡන්දය දුන් නොදුන් සියලූ  දෙනාට බියෙන් සැකෙන් තොරව එකලෙස ජිවත්වීමට සුදුසු ආරක්ෂීත සංවර්ධිත රටක් ගොඩනැගීමට නව ජනාධිපති ධූරයට පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇත.
 ඒ සදහා සියලූ දෙනා එකමුතුව සහයෝගය ලබා දිය යුතුය.
පසුගිය කාලය තුළ ඉතා අදුරු යුගයකට ගෙනගොස් තිබූ මේ රට එක්කෙනෙකුට දෙන්නෙකුට ගොඩනැගිය නොහැකියි
සියලූ දෙනා එකාවන්ව වැඩකර රට දියුණු කළ යුතු යි