ආනයනය කර ඇති ටැබ් පරිගණක උසස් පෙළ සිසුන්ට ලබා දීම පිළිබඳව
යළි සලකා බලන බව
නව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර තිබේ. ඇමැතිවරයා ‌මේ බව ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දීය.
අධ්‍යාපන අමාත්‍යාංශය සමග ගිවිසුම්ගත වීමෙන් පසු පෞද්ගලික ආයතනයක් විසින් මෙම ටැබ් පරිගණක අනූදහසක් පමණ ආනයනය කර ඇත. එම පරිගණක සඳහා අවශ්‍ය උපාංග ද ඒ අතර වෙයි. ඒ සඳහා රුපියල් කෝටි එක්දහස් හත්සියයක් වැය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක්  ඊයේ (26 වැනිදා) පැවසීය.

මෙම ටැබ් පරිගණක මෙම වසරේ උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට​ මෙන්ම උසස් පෙළ ගුරුවරුන්ට ලබා දීමට එජාප ආණ්ඩුව සැලසුම් කර තිබූ නමුත් නිසි වෙලාවට එම පරිගණක සපයා ගැනීමට නොහැකි විය.
නිලන්ත මදුරාවල