හොංකොං ප්‍රාදේශීය මැතිවරණයෙන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරියට පැමිණ සිටි. චිනයට අයත්, ස්වයං පාලන ප්‍රදේශයක් වන හොංකොං හි දිස්ත්‍රික් පාලක මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීම සදහා මැතිවරණය පෙරේදා (24) පැවැත්විණි. දිස්ත්‍රික් පාලක මණ්ඩලය ආසන 452 කින් සමන්විත වන අතර සියයට
90 ක් පමණ ආසන 390 ක් විපක්ෂය වන ප්‍රජාතන්ත්‍ර හිතවාදී පෙරමුණ විසින් ජයග්‍රහණය කරනු ලැබුණි. චීන හිතවාදී හෝංකොං පාලක පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 28 ක් පමණි. මෙය චීන හිතවාදී පාලක පක්ෂය ලැබූ ප්‍රබල පරාජයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හොංකොං අතීතයේ චීනයේ කොටසක් විය. පසුව එය බ්‍රිතාන්‍ය යටත් විජිත කොලනියක් බවට පත් විය. 1997 දී හොංකොං යළි චිනයට හිමි වුවත්, හෝංකොං වෙනුවෙන් වෙනම පාලනයක් හිමිවිය. හොංකොං පාලනය කරන්නේ චින හිතවාදී පාලක මණ්ඩලයක් මඟිනි. ඊට නායකත්වය දෙන්නේ කාන්තාවකි. ඇය කැරි ලෑම් ය.

පසුගිය මාස 6 පුරාවට හොංකොං හි විරෝධතා පැවැත්විණි. ඒ, කැරී ලෑම් ප්‍රමුඛ පාලක මණ්ඩලය නව උදර්පණ පනත් කෙටුමපතක් හඳුන්වා දීමට උත්සාහ ගැනීමත් සමගය. එම උදර්පණ කෙටුම්පත සම්මත වූයේ නම් හොංකොං හි වෙසෙන චීන රජයේ උදහසට ලක්වුණු ඕනෑම අයකු චිනයට ගෙන්වා ගැනීමට ඉඩක් සැලසෙනු ඇත.  කෙසේ නමුත් ජනතා විරෝධය හමුවේ උදර්පණ පනත් කෙටුම්පත හකුලා ගැනීමට හොංකොං පාලක මණ්ඩලයට  සිදුවිය.

හොංකොං හි චින රජයේ උදහසකට ලක් වුණු බොහෝ දෙනකු වාසය කරයි. ඒ අතරින් වැඩිදෙනා චීන දේශපාලන ක්‍රියාකාරීන්ය.  උදර්පණ පනත් කෙටුම්පත හකුලා ගැනීමෙන් පසුව ද විරෝධතා දිගටම පැවැත්විණි. ඒ, විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරන විරෝධතාකරුවන් අනෙකුත් ඉල්ලීම් මුල්කර ගනිමින් ද විරෝධතා ආරම්භ කළ නිසාය.