දෙහිවල වෙරළ තිරයේ හෝටලයක ඊයේ (2) රාත්‍රී ෆේස්බුක් සාදයක ​​නිරතව සිටි සිය දෙනෙකු මත්ද්‍රවය සමඟ
අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 18 ත් 48 ත් අතර පස්වුවන් බවත් ඒ අතර කාන්තා 17 හා පුරුෂ 83 ක් වූ බවත්  පොලිස් මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර  තිබේ.
වැඩිදුර සොයා බැලීමේදී මේ අය අම්බලන්ගොඩ,කළුතර,කුරුණෑගල හා පොළොන්නරුවේ සිට දෙහිවල සාදයට පැමිණ තිබෙන බවත් පිරිස සංවිධානය කරගැනීමට ෆේස් බුක් පිටුවක් උදව් කර තිබූ බවත් වාර්තා විය.
මෙම අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් ළඟ තිබී කේරල ගංජා ග්‍රෑම් 4 ක්, බියර් මිලිලීටර 38500 ක්,
මත් මුද්දර 1 ක් සහ නීති විරෝධී දුම්වැටි 28 ක් සොයාගත් බවද සඳහන් කර තිබේ.