ගනේමුල්ල ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් තමා ජනපති ධූරය ලබාගතහොත් ලංකාවේ ද්වීතීයික
අධ්‍යාපනය සැබෑ වෙනසකට ලක් කරන බව ගෝඨාභය
රාජපක්ෂ ජනපති අපේක්ෂක දන්වා තිබේ.
 "ලෝක ආර්ථිකය ඉදිරියට ගොස් ඇත්තේ තාක්ෂණය මුල් කරගෙන. ඒ අවස්ථාව ශ්‍රී ලංකාවත් හඳුනගන්න අවශ්‍යයි. ඒ නිසයි තරුණ තරුණියන් සඳහා ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරන්නේ. හතේ පංතියේ සිට ඉහළට දරුවන්ව නිපුනත්වයක් ලබා ගන්නට පුළුවන් ක්‍රමවේදයකට සකස් කරන්නට ඕනේ." යනුවෙන් ඔහු කියා තිබේ.