අදට (27) යෙදී ඇති ‘මහවිරු දිනය’ නිමිත්තෙන් යුද සමයේදී මිය ගිය මහවිරුවන් 25,000කගේ පමණ නම් ලැයිස්තුවක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කර ඇත.



ඊයේ (26) රාත්‍රියේ මෙම නම් ලැයිස්තුව නල්ලූර් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරුණු අතර අදාළ නම් ලැයිස්තුවේ මිය ගිය දරු මුණුබුරන් ඇත්තේද යන්න දැක ගැනීම සඳහා සාමාන්‍ය වැසියෝ ඊයේ රාත්‍රියේ සිට අද දිනය පුරා පැමිණෙමින් සිටිති.

අදාළ නම් ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය වශයෙන් සැලකෙන නියගලා මළ පමණක් ප්‍රදර්ශනය කර තිබූ අතර එම සංවිධානයේ හෝ පුද්ගල ඡායාරූපයක් ප්‍රදර්ශනය කර නොතිබුණි.

කෙසේ වෙතත් තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ කොටි සංවිධානයේ කිසියම් නීතිවිරෝධී සැමරීමක් සිදුවන්නේද යන්න පිළිබඳව උතුරේ ආරක්ෂක අංශ විසින් සීරුවෙන් සිටින අතර එවැනි සැමරීම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය උපරිම ක්‍රියාත්මක කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

(රොමේෂ් මධුෂංඛ)
pix courtesy by lankadeepa.lk