https://www.gossiplankanews.com/2019/11/20-lakhs-lgbt-votes-for-npp.html#more
ජාතික ජන බලවේගය මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සම ලිංගිකයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශේෂ පිටු ගණනක් වෙන් කර තිබෙන අතර ඒ ගැන රැස්වීම්
වලදීද කතා කරන්නට ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පියවර ගෙන තිබුණි.
එල්ජීබීටී ප්‍රජාව ජනතා විමුක්ති පෙරමුනේ  ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගෙන ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයේදී  අනුර කුමාර දිසානායකට ඡන්ද මිලියන දෙකක් පමණ ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

අද දින දි අයිලන්ඩ් පුවත්පතට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සමලිංගික ව්‍යාපාරයේ ආරම්භක සාමාජික ෂර්මන් ඩි රෝස්  මෙසේ පවසා තිබේ.
 “දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තිය අහෝසි කිරීමෙන් සමලිංගිකත්වය අවලංගු කරන බව  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති ජේවීපීයට සහාය දීමට අපි කැමැත්තෙමු. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර සමලිංගිකයන් නිලතල දරමින් ඉන්නවා. ඒත් ඔවුන් අපට තිබෙන මේ දැවෙන ප්‍රශ්නය විසඳීමට අපොහොසත් වී තිබෙනවා.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 365 (අ) වගන්තිය යටතේ සමලිංගික ක්‍රියාවන් තහනම් කර වසර 12 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. "බ්‍රිතාන්‍යයේ පවා මෙම නීතිය ප්‍රඥප්ති පොත් වලින් ඉවත් කර තිබියදීත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා"
"ජේවීපී මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකරන බව අපි දන්නවා. නමුත් රටේ මිලියන 22 ක ජනගහනයෙන් සංඛ්‍යාලේඛන අනුව 10% ක් සමලිංගිකයන් සහ ද්වි ලිංගිකයන් ය. එම සංඛ්‍යාවට සැබෑ වෙනසක් සිදු කර පෙන්විය හැකියි."
හෙතෙම පැවසීය.