පසුගිය සිකුරාදා දිවිරුම් දුන් කැබිනට් ඇමතිවරුන් 15 දෙනාට සහාය පිණිස රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට අද සඳුදා දිනය යොදාගෙන ඇති බව එදින ජනපති ගෝටාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඊයේ (19) සවස වනවිටත් මෙම පිරිස තෝරාගැනීම අපහසුවීම මත එය තවත් දින 2 කට කල් දමා ඇත.

එක් එක්

ඇමතිවරුන්ගේ විෂයන්ට වෙන වෙනම බෙදී යන රාජ්‍ය ඇමතිවරුන් පත් කරන්නටත් ඇතැම් ඇමතිවරුන්ගේ විෂය දෙකකට රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනා බැගින් පත් කරන්නටත් තීරණයවී තිබෙන අතර ඒ අනුව 20 දෙනෙකුගේ පමණ රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත් කරන්නට යෝජිතව තිබුනි.
මෙම ඇමතිවරුන් පත්කිරීමේදී නව ජනපති ගෝඨාභයගේ අදහස වූයේ නිකම්ම සිට අත්සන් ප්‍රැක්ටිස් කරන අය නොව වැඩකරන අය සීමිත පිරිසක් සිටියාම ඇති යන්නයි. කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා කුරුණෑගල පැවති රැස්වීමකදී අගමැති මහින්ද රාජපක්ෂ කියා තිබුනේ ඇමති ධූර සීමා කිරීම නිසා බොහෝ අයගේ සිත් රිදී ඇති බව තමා තේරුම් ගත් බවකි.
අද දිනට යොදා තිබූ රාජ්‍ය ඇමති තේරීම ඒ අනුව ලබන බදාදා(27) සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි වාර්තා කර තිබේ.
සිකුරාදා දිවුරුම් දුන් ඇමතිවරුන්ගේ විෂය පථ අද (25) ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවද වාර්තාවේ.