https://www.gossiplankanews.com/2019/11/16-cabinet-ministers.html#more
ද (21) දහවල් 1 ට ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන් දිවුරුම් දීමෙන් පසුව භාරකාර රජයක් පිහිටුවමින් දැනට පාර්ලිමේන්තු  විපක්ෂයේ කටයුතු කරන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව කැබිනට් ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව
දේශපාලන ආරංචි මගින්  හෙළිකර තිබේ. මෙම ඇමති ධූර සංඛ්‍යාව 15 ක් ලෙස මින් ඉහත වාර්තාවී තිබුණද ශ්‍රීලනිපයට ඇමති ධූර වැඩිපුර අවශ්‍ය බවට පෙරැත්ත කළ නිසා එම සංඛ්‍යාව 16 දක්වා ඉහළ දමන්නට සිදුව ඇත.
ගෝඨාභය , මහින්ද හා මෛත්‍රිපාල නායකයින් අතර ඇතිවූ

සංවාදයේදී ඒ අනුව ශ්‍රීලනිපයට ඇමති ධූර 4 ක් ලබාදෙන්නට එකගවී තිබේ. එම 4 න් එකක් එනම් මෛත්‍රිපාල සිරිසේනගේ ඇමති ධූරය ලැබෙනු ඇත්තේ පසුවය. ඒ අනුව අද දිවුරුම් දෙන ඇමතිවරුන් 16න් 3ක් ශ්‍රීලනිපයට හිමිවනු ඇත.
ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු එජනිස මන්ත්‍රී මලිත් ජයතිලක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයෙකු බවට දිවුරුම්දී අනතුරුව නව රජයේ ඇමති ධූරයක් ලබාගන්නට නියමිතය.
අද දිවුරුම් දෙන 16න් 3ක් ශ්‍රීලනිපයට ලැබෙද්දී ඉතිරි 13 දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පක්ෂ ලෙස සන්ධානගතවූ අයගෙන් පක්ෂයට එක බැගින් ලබාදෙන්නට නියමිතය.
මෙම ඇමති ධූර වල විෂය පථයන් ඊයේ රාත්‍රී වනවිටත් සකසමින් පැවති නිසා අවසන් විෂය පථ ලැයිස්තුව අද දහවල් වනවිට අපට වාර්තා කළ හැකිවනු ඇත.
දැනට පවතින වාර්තා අනුව අද ඇමති ධූර ලබාගන්නට නියමිත පක්ෂ සහ අනුමාන කරන අය වන්නේ
  • දයාසිරි ජයසේකර  (ශ්‍රීලනිප)
  • නිමල් සිරිපාල ද සිල්වා (ශ්‍රීලනිප)
  • මහින්ද අමරවීර (ශ්‍රීලනිප)
  • දිනේෂ් ගුණවර්ධන (මඑපෙ)
  • උදය ගම්මන්පිල (පිහෙඋ)
  • විමල් වීරවංශ (ජානිපෙ)
  • වාසුදේව නානායක්කාර (ප්‍රවාපෙ)
  • ඩග්ලස් දේවානන්ද(ඊපීඩීපී)
  • අතුරලියේ රතන හිමි (විජයධරණී)
  • ආරුමුගම් තොණ්ඩමන්(සීඩබ්සී)
  • ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් කෙනෙකු
  • ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් කෙනෙකු
  • ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් කෙනෙකු
  • දමිළ මහජන විමුක්ති සංවිධානය වෙනුවෙන් කෙනෙකු
  • ප්‍රගතිශීලී දමිළ පක්ෂය වෙනුවෙන් කෙනෙකු