ආන්ඩුවේ වැටුප් වැඩිමට සමගාමීව පුද්ගලික අංශයේ වැටුප් වැඩිවන වැඩපිලිවෙලක් ඉදිරි රජයක් තුල
ක්‍රියාත්මක කරන 
බව විපක්ෂ නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායක මහින්ද රාජපක්ෂ මහතා  පවසයි.
ඒ මහතා මෙසේ පැවුසවේ 7 දා රත්නපුරයේ පැවැති ජන හමුවක් අමතමිනි.
බුලත් විට විකුනන පුද්ගලයාගේ සිට සෑම ස්ථරයකම ජනතාවගේ ආර්ථීකය ඉහළ නංවන ආර්ථික වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා එහිදි පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා භාරදුන් වගකිම් නිසි අයුරින් ඉටුකළ පුද්ගලයෙක් බැවින් සියලූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ජනතාවට දෙන සියලූ පොරොන්දු ඉටුකරන බව විශ්වාස තැබිය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වතුකරයේ කම්කරු ජනතාවට රුපියල් 1500ක් දෙන බව වේදිකාවේ සඟහන් කළත්, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සදහන් ව ඇත්තේ රුපියල් 1000ක් දෙන බව යැයි පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙලෙස ජනතාව රැවටීමේ හැකියාවක් අද නැතැයිද පැවසීය.