දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක සිතුල්පව්ව විහාරාධිපති මැටරඹ හේමරතන නා හිමිියන් ඊයේ (07) මැදමුලනේදී පැවති දානමය පිංකමේදී සිදුකල අනුශාසනාව  මෙසේය.

අද ඩී ඒ රාජපක්ෂ මැතිතුමාට වගේම නන්දිතා 
සමරසිංහ දිසානායක මැතිණියට පින් දෙනවා වගේම සුවිශේෂී අවස්ථාවක් මේ පිංකම. අපි ප‍්‍රාර්ථනා කරනවා නව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ලබන වසරේ මේ  පින්කම් කිරීමට හැකිවේවායි කියා.
මම ලංකාවට එන විට ප‍්‍රංශයේ බොහෝ දෙනෙක් කිව්වේ හොඳ ප‍්‍රවෘත්තියක් අරන් වඩින්න කියලා. ගුණානන්ද හාමුදුරුවන්ගේ වියත්මග පැවැති   අනුශාසනාව  පරිදි  අපිට අහන්න ලැබුණා නොයෙක් තහන්චි අද පවරලා තියෙනවා කියා පන්සල් වලට.  උන්වහන්සේ  නිර්භයව ඔවුන්ට පිළිතුරු දී තිබෙනවා. ආගමික ස්ථානයක කටයුතු කරන්නට පවා
අද අපට යම් යම් අපහසුතා තියෙනවා.  අපි සියලූ  දෙනා බලාපොරොත්තු වන ඒ සාර්ථක  ප‍්‍රතිඵලය ඒ ආශිර්වාද තුළින් ලැබේවා කියලා අපි එක සිතින් ප‍්‍රාර්ථනා කරනවා. එය සිද්ධ වෙනවා. නමුත් වෙනවා කියා කිසි කෙනෙක් නිකං ඉන්නට එපා. අවසාන මොහොත දක්වා හැකි උපරිමයෙන් උනන්දු වන්න.  විදේශගත වෙලා ඉන්න බොහෝ හාමුදුරුවෝ එනවා.  විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේ වසරේදී මේ කාර්ය  කරගන්න හැකිවෙයි කියලා. එසේ කිරීමට නොහැකි වුවොත් අපේ ධර්මපාල තුමා 1925 කිව් ආකාරයට උඔලට අන්තිමට වෙන්නේ මුහුදට පනින්න.
එය නැවත කරගන්නට එපා. කවුරුත් එකතු වි ජාති හිතෛෂී ව කටයුතු කරන්න. ගියවර  ජනාධිපතිවරණයට පෙර පුවත්පත් සාකච්ඡා කීපයකදී ම මතක් කළා මම මේ රට බෙදන්න දෙන්න එපා, බෙදුවොත් අපි වැනසෙනවා කියන එක.  ඉතිහාසය පුරා අපට වැරදුනේ අපේ මේ බෙදීම නිසා.  අනිත් ජාතීන්ට ඇඟිලි දික් කරන්නට යන්න එපා ඒ අය එකමුතුයි කියා.  වැරැද්ද කාගේද? වැරැද්ද අපේ.  ධර්මපාල හාමුදුරුවෝ කිව්වා අපේ හාමුදුරුවන්ට ඉනා බෙහෙත් දෙනවා කියලා. අදත්  දෙනවා. ජාතිය පාවා දෙන්න එපා. රට තියෙන්නට  ඕන.  ජාතිය තියෙන්නට  ඕන. ආගම රැක ගන්නට රටක් නැත්නම් ආගමක් ඉතුරු  වන්නේ නෑ. අප දන්නවා ඉන්දුනීසියාව වැනි රටවල් වලට සිදු වුණ දේ. සමහර අය කියනවා බෞද්ධාගම නිසා මේ රට රැකෙනවා කියලා. අපි උත්සාහ නොකෙරුවොත් රැකෙන්නේ නැහැ.
මහා සංඝරත්නය වෙනුවෙන් පොඩි යෝජනාවක් මම ඉදිරිපත් කරනවා.  ව්‍යවස්ථාව සම්පාදනය කරන විට විවාහ නොවු  කිසිම කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට දෙන්න එපා. දරුවන් නැති අයට රට ගැන කැක්කුමක් නෑ. දූ දරුවන් ලබන්නට  ඕන.