මෙම මස 16වනදා පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් 15වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන
අමාත්‍යංශය සඳහන් කරයි.
මැතිවරණය
වෙනුවෙන් ඇතැම් පාසල් ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගෙන තිබෙන අතර ඒ සඳහා සූදානම් කිරීමට හා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන පහසු කිරීමට දිනකටවත් කලින් එම ස්ථාන මැතිවරණ නිලධාරීන් වෙත ලබාදීමට අවශ්‍ය වීම මත 15 සිකුරාදා නිවාඩු දිනයක් කර තිබේ.