තමන්ට මරණීය තර්ජන එල්ල වී ඇති හෙයින් ආරක්ෂාව ලබා දෙන ලෙසට ඉල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුමකරු ගාමිණී
වියන්ගොඩ යන මහත්වරුන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. චන්ද්‍රගුප්ත නේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් පෙරේදා (8) පස්වරු 2.30ට පමණ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීම මුල්කරගෙන තමන්ට දිහින් දිගටම මරණිය තර්ජන වෛරී ප්‍රකාශනවල අඩුවක් නොමැති හෙයින් කමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසට ඉල්ලා මෙම ලිපිය යොමුකර ඇති බව මහාචාර්ය චන්ද්‍රගුප්ත නුවර මහකා පැවසිය. මේ අතර එම මහත්වරුන් සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අගමැතිවරයා වෙත ද යොමුකර තිබූ ලිපියක් අගමැතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර පොලිස්පතිවරයා එම ලිපිය පෙරේදා (8) ආරක්‍ෂක අමාත්‍යංශය වෙත යොමුකර ඇති බව ද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඉන්දිකා රාමනායක