ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අද (10) අත්සන් තැබීම සිදුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
මහ ලේකම් දයාසිරි ජයසේකර හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නායකත්වයන් මේ වෙනුවෙන් එක්ව තිබේ.
නිමල් සිරිපාලද සිල්වා, දුමින්ද දිසානායක,

බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 මෙම අවස්ථාවට මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රිපාල සිරිසේන එක්වූයේ නැත.
මෙම ජනපතිවරණයේදී ශ්‍රීලනිප පොහොට්ටුවට සහය දෙන බවටත් ඉදිරි මැතිවරණ වලදී පුටුව ලකුණින් තරග කරන බවත් මෙම ගිවිසුමේ ඇතුළත් බව මින් ඉහත ප්‍රකාශ විය.