එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා අද 18 හෝ හෙට 19 එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි
මාර්ග සඳහන් කරයි.
ගෝඨාභය රාජපකෂ මහතාගේ සහායට එක්වීමට නියමිත එජාප මන්ත්‍රීවරයා පසුගිය කාලයේ පක්ෂ නායකත්වය සමග මත ගැටුමක සිටි අයකු බවද පැවසේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකු එපයේ කිහිපදෙනකු සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම මන්ත්‍රිවරයා රාජපක්‍ෂ මහතාට  සහාය දීමට එක්වනු ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් කිහිප දෙනකුද එක්වනු ඇති බවත් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.