උපයන විට ගවන බදු සදහා දැනට පවතින ආදායම් සීමාව මීළග අයවැයකදී රුපියල් ලක්ෂයේ සිට එක්ලක්ෂ විසිපන්දහස දක්වා ඉහළ නංවන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

ඊයේ (17දා)
මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

"මෙම උපයන විට අය කරගන්නා බදු වඩාත් සරල ක්‍රමවේදයකට සිදු කිරීමේ අරමුණින් මේ රජය විසින් එතෙක් පැවැති 62,500 වැටුප් සීමාව 100,000ක් දක්වා ඉහළ නැංවුවා. ඒ ක්‍රමය හරහා ලක්ෂ පහකට අධික පිරිසක්
මේ බදුවලින් නිදහස් වුණා. කොහොම වුණත් මීළඟට මම ඉදිරිපත් කරන අයවැයකදි මෙම සීමාව රුපියල් එක්ලක්ෂ විසිපන්දහස දක්වා ඉහළ නංවන්න කටයුතු කරනවා. ඒ හරහා තවත් බොහෝ පිරිසකට මෙම බදුවලින් නිදහස් වෙන්න හැකි වේව් " අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

භානුක අමරසිංහ