සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවා හදිසියේ දුම්රිය මාර්ගයට දිව යද්දී ධාවනය වන දුම්රියෙන් දරුවා බේරා
ගැනීමට ගිය පියා
දුම්රියේ ගැටී පෙරේදා (08) පස්වරුවේ එම ස්ථානයේදීම මියගිය බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය දුම්රිය පටුමගේ පදිංචි යොහාන් ජෝෂප් (29) නමැති එක්දරු පියෙකි.

දින 12ක දුම්රිය වර්ජනයෙන් පසු ත්‍රිකුණාමල මාර්ගයේ ධාවනය වූ පළමු දුම්රියට වැදී මෙම අවාසනාවන්ත මරණය සිදුවී ඇතැයි දුම්රිය බලධාරිහු කියති. ගල්මය සිට ක්‍රිකුණාමලය දක්වා භාණ්ඩ පැටවූ මැදිරි හා මගීන් රැගෙන ත්‍රිකුණාමල දුම්රිය ස්ථානයට ආසන්නයට මිටර් 300 නුදුරින් මෙම අනතුර සිදුවී තිබේ.

කුඩා දරුවා දුම්රිය මාර්ගයේ සිටිද්දී එම දරුවා බේරා ගැනීමට දිව යද්දී බිරිය හා දරුවා බේරා ගැනීමට ගිය සැමියා දුම්රිය මාර්ගයේ පය වැදී වැටී දුම්රියට යටවි ඇතැයි පොලිසිය කියයි.