පසුගියදා රටේ අවධානය දිනාගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කළද අවසානයේ නාම යෝජනා භාරදීමෙන් 
වැළකී සිටියේය.

‘බොරු වැඩකට’ නාම යෝජනා භාර නොදුන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබානොදෙන බවත් ඔහු අවධාරණය කර සිටියේය.
වාර්තාවන ආකාරයට ඔහු ඒ ලෙස ශ්‍රීලනිප නාම යෝජනා ලබාදුන්නේ ජනපති මෛත්‍රීගේ උපදෙස් පරිදි ශ්‍රීලනිප ඡන්ද ගොඩ පොහොට්ටුවෙන් පැහැර ගැනීමේ උපායකටය.

කෙසේ වෙතත් පැය 24 න් 24 ට වෙනස් තීන්දු තීරණවලට යමින් උගතෝකෝටයක පැටලී සිටි මෛත්‍රී පසුගිය සති අන්තයේ තීරණය කළේ යළි පොහොට්ටුව වෙත තම කණ්ඩායම යොමු කරන්නටය.
මේ නිසා වෙල්ගම ඡන්දයට දැමීම අවාසි නිසා ඔහුට එය මගහරින ලෙස උපදෙස් දුන් බව වාර්තාවේ.

මේ අතර අද දින ජාතික පුවත්පතක් කුමාර වෙල්ගම මහතාගෙන් ඉදිරියට කුමක් කරන්නේදැයි විමසීමේදී
මාසයක කාලයක් දේශපාලනයෙන් විවේක ගන්නා බව සඳහන් කර ඇත. ඔහු තම ඉඩමේ තේ වගා කිරීමට කටයුතු කරන බවද මහමැතිවරණයේදී කුමන දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වනවාද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවද කියා ඇත.