'සියත' රුපවාහිනියේ සතියේ දිනවල දිනපතා රාත්‍රී 8.30ට විකාශයවන 'කවී'' (Kavi) නමැති ටෙලිනාට්‍ය ඉහළින් ආ උපදෙසක් මත

ඊයේ දිනයේ (14)
සිට හදිසියේ විකාශය කිරීම අත්හිටුවීමට එම ආයතනයේ පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි වාර්තා පළව තිබේ.
කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරව එය සිදුව ඇති බවත් නරඹන්නන් හෝ ආයතනයේ නිර්මාණවේදීන් කිසිවෙකු ඒ ගැන හේතු දැනුවත් නොකළ බවත් වාර්තා විය.
කෙසේ වෙතත් වැඩිදුර තොරතුරු විමසීමේදී එම ටෙලි නාට්‍යය නවතා දමන්නට හේතුව එහි අද විකාශයවීමට තිබු කොටසේ දේශපාලකයකු  මාධ්‍යවේදියකු පැහැරගෙන යාමක් විස්තර වන බවත් මෙයින් යටිපෙළ අරුත හා රුපරාමු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අයකුට සෘජුව බලපානු ඇති බව ඉහළින් දන්වා තිබීම මත එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් ඒ ගැන පෙන්වාදී ටෙලි නාට්‍යය අත්හිටුවා ඇතැයි ද පැවසේ.