නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබීමට නියමීත ප්‍රගතිශීලි මුස්ලිම් ඡන්ද 
වැළැක්වීම සදහා විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් අතර ඇති කරගත් ගිවිසුමක් අනුව බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඊයේ (14දා) පැවසීය.
නාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ඡන්ද 15,00%ක් පමණ ලබාගත හැකි හිස්බුල්ලා මහතා මුස්ලිම් සමාජශය‍ෙන් ප්‍රතික්ෂේප වු පුද්ගලයෙකු බවත්, ඔහු ජනාධිපතිවරණයට ඉදිරීපත් වුවද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන මුස්ලිම් ඡන්ද අඩු නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කලේය.
 පසුගිය කාලසීමාව තුළ මුස්ලිම් ජාතිකයන් අත්තවාදය ද‍ෙසට
ග‍ෙන ගිය හිස්ඹුල්ලා මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහායට ඉදිරිපත් වී සිටීම ගැන උපවාස කළ අතුරලියේ රතන හිමියන් හා වීමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය රටට හෙළි කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය. හිස්බුල්ලා, විනයාගමූර්ති මුරලිදරන් තවත් කරුණා අම්මාන්, පිලයාන් ඇතුළුව අන්තවාදී හා ජාතිවාදී කොටස් පමණක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග එක්ව සිටින බවත්, ඔවුන් බලයට පැමිණියහොත් රට තුළ ත්‍රස්තවාදී හා ජාතිවාදී ගැටුම් සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.

කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති
අපේක්‍ෂක අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබුර් රහුමාන් මහතා,  "ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් අපේක්‍ෂකයන් තවත් අපේක්ෂකයන්ගේ සහායට ඉදිරිපත් වී සිටින බව පැහැදිලියි. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ඉදිරිපත් වී සිටින ජනාධිපතිවරණය දිනන්න බලාගෙන නෙමෙයි, 1989 සිට පාර්ලිමේන්තුවේ සිටි ඔහු දන්නවා,මෙවැනි මැතිවරණයකට ඉදිරිපත් වීම ජයග්‍රහණය කළ නොහැකි බව. පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දුන්නා, හිස්බුල්ලා මහතා ඉදිරිපත් වී සිටින ජනාධිපතිවරණය දිනන්න බලාගෙන
ජනාධිපතිවරයා විසින් ඔහු නැග‍ෙනහිර ආණඩුකාරධුරයට පත් කළ පසුව වත්මන් ආණ්ඩුවට අවාසිදායක ලෙස ඔහු හැසිරුනේ.
ඒ විදියට ප්‍රකාශ සිදුකළා. මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඔහු කිසිදු අවස්ථාවක අදහස් පළ කළේ නැහැ. දැන් කියනවා මුස්ලිම් ජනතාව වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූ බව. ඔහු හොදටම දන්නවා මේ මැතිවරණය ඔහුට ජයග්‍රහණය කරන්න බැරි බව. ඔහුට හීනෙකින්වත් දිනන්න බැහැ, ඔහු ඉදිරිපත් වුණේ ඇයිද කියා අපි සොයා බැලිය යුතුයි.
එස්.බී. දිසානායක කියා තිබෙනවා හිස්බුල්ලා ඉන්නේ ගෝඨාභය දිනවන්න කියලා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස. මහතාට ලැබෙන මුස්ලිම් ඡන්ද අඩු කරන්න හිස්බුල්ලා ඉදිරිපත් වී සිටින බව පැහැදිලියි. විශ්වවිද්‍යාලයක් හදන්න කියා පිටරටින් මුදල් ගෙන්වාගත් බවට ඔහුට විරුද්ධව චෝදනාවක් තිබෙනවා. ඒවායෙන් ගැලවෙන්න බැසිල් රාජපක්ෂ එක්ක එකඟතාවකට ආවාද කියන සැකය ඇති වෙනවා. ඒ ගිවිසුම මොකද්ද කියලා රටට හෙළි කළ යුතුයි. මුස්ලිම් ඡන්ද 15,000ක් තියාගෙන ඔහු නටන නාඩගම මොකද කියලා කිව යුතුයි. ජාතිවාදී ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය කරන්න බැසිල්, කරුණා, පිල්ලෙයාන්, හිස්බුල්ලා ගහපු ගිවිසුම සිහි  කළ යුතුයි. මොවුන්ට තියන එකම අරමුණ ජාතීන් අතර වෛරය ඇති කරවීමයි.