කොළඹ කොටුවේ රීගල් සිනමා හල අසඵ මුද්‍රණ ආයතනයක අද (9) උදෑසන
ගින්නක් හටගෙන තිබේ.
ගොඩනැගිල්ලේ ඉහල මාලයේ මෙම ගින්න හට ගෙන ඇති අතර කොළඹ මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය හා කොටුව පොලිසිය එක්ව ගින්න මැඩ පවත්වා තිබෙයි.
ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැති බව කොටුව පොලිසිය ප්‍රකාශ කළේය.