මේ වනවිට ශ්‍රී ලංකාවට ගැටලුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට තම රටේ තාක්ෂණික සහාය මෙම ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජී. මනෙල්ලා මහත්මිය පවසන්නීය. පසුගියදා විදුලිබල, බලශක්ති සහ  ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශ පරිශ්‍රයේදී විෂය භාර අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවී නිල සාකච්ඡාවකට සහභාගි වෙමින් තානාපතිවරිය මේ බව පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින විදුලීයනය තත්ත්වය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ඉතාලි තානාපතිවරිය,
ශීඝ්‍රයෙන් වර්ධන වන විදුලි ඉල්ලුම සපුරාලීමේ ගැටලුවට ඉයේදී ශ්‍රී ලංකාව මුහුණදිය හැකි අතර ඒ වෙනුවෙන් පෙර සූදානමක් ඇතිකරගත යුතු බවත්, ඊට කදිම විසඳුමක් වශයෙන් මෙසේ ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලී නිපදවීමේ ක්‍රියාවලිය හඳුන්වාදිය හැකි බචත් කීවාය. අපද්‍රව්‍ය ටොන් 100ත්, 300ත් අතර ප්‍රමාණක් පරිභෝජනය කිරීමේ හැකියාව ඇති ඉවතලන අපද්‍රව්‍ය බලාගාරයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ හැකියාව පිළිබදව අමාත්‍යවරයා සහ තානාපතිවරිය අතර සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් වන පියවරයන් ගැනීමට තම සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමටද තානාපතිණිය සිය එකඟත්වය පළ කර ඇත.ශ්‍රී ලංකාව තුළ පවතින මිල අවම විදුලී උත්පාදන මූලාශ්‍රය වන ජල මූලාශ්‍රය
මේ වන විදුලි උත්පාදන සඳහා උපරීමයෙන් යොදාගෙන ඇති බවත්, ඉදිරී විදුලි ඉල්ලුම් සපුරාලීම පිණිස මෙවැනි මිල අවම පරිසර හිතකාමී විදුලී උත්පාදන ක්‍රමවේදයක් වෙත අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිව වෙත සිය කෘතඥතාව පළ කළ අමාත්‍ය කරුණනායක මහතා ශ්‍රී ලංකාව තුළ මෙම ව්‍යාපෘති දියත් කිරීමට ඉතාලි රජයේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවද පැවසීය. එසේම කාලීනව පැවතගෙන එන ඉතාලි - ශ්‍රී ලංකා මිත්‍ර සබදතා සහ විශ්වීය සහයෝගිතාව මේ තුළින් තව තවත් තහවුරු වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.